පුරවැසි ප්‍රඥප්තිය

පැමිණිලි හා ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ අපගේ විධිවිධාන

අපගේ කාර්යමණ්ඩලය අචාරශීලීව සහ සහයෝගශීලීව ඔබට අවශ්‍ය සේවය සැපයීමට බැඳී සිටියි. කෙසේ වෙතත් මේ පිළිබඳ ඔබට පැමිණිල්ලක් කිරීමට හෝ ගැටළුවක් නිරාකරණය කිරීමට තිබේ නම් ඒ පිළිබඳව පහත නිලධාරියා වෙත දැනුම් දීමට ද කාරුණික වන්න. අපගේ සේවය පිළිබඳව ඔබ වෙත ඉහළ අගය කිරීමක් පවතී නම්, එය අනෙකුත් අය වෙත ද සන්නිවේදනය කිරීම අප වෙත කරන දිරි ගැන්වීමක් ලෙස සළකමු.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්),
පළාත් භාණ්ඩාගාරය,
උතුරු මැද පළාත.

දුරකථනය :- 025 – 2237430
ෆැක්ස් :- 025 – 2237430
Email :- treasuryncp@gmail.com

03. පාර්ශවකරුවන් සහ සේවාලාභීන්

04. වගකීම් මධ්‍යස්ථාන

  1. අයවැය දෙපාර්තමේන්තුව
  2. 2. මුදල් දෙපාර්තමේන්තුව
  3. 3. ආදායම් දෙපාර්තමේන්තුව
  4. 4. ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව

05. සේවා ප්‍රමිතීන්

වගකීම් මධ්‍යස්ථානය :- අයවැය දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
B/1
ප්‍රතිපාදන මාරු කිරීම
ඉල්ලීම් ලැබී දින 02 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ප.මූ.රීති 29,30 හි ඇතුළත් අකෘතිපත්‍ර අංක 20
පළාත් මූල්‍ය රීති 31
B/2
පරිපූරක ප්‍රතිපාදන ලබා දීම
ඉල්ලීම්කර දින 14 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 35
B/3
නව වැය විෂය අංක ඇති කිරීම
ඉල්ලීම්කර දින 01 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 31
B/4
අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන
ඉල්ලීම්කර දින 14 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 369.5
වගකීම් මධ්‍යස්ථානය :- මුදල් දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
F/1
අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කටයුතුවලට අදාල ඉල්ලීම් ඉටු කර දීම.
ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ ඉල්ලීම් කර දින 45 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08 හි ඡේද අංක 03 හි දක්වා ඇති ලේඛණ ඉදිරිපත් කළ යුතය.
  • පළාත් මූල්‍ය රීති අංක 448 සිට 435
  • පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ 08/2013,06/2015, (i) 06/2015 සහ (ii) 06/2015
F/2
ප්‍රසම්පාදන මණ්ඩල පත් කිරීම්.
ඉල්ලීම් කර දින 05 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08 හි ඡේද අංක 7 හි දක්වා ඇති අයදුම් පත්‍රය
පළාත් මූල්‍ය රීති අංක 423 සහ පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08
F/3
අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව සම්බන්ධීකරණය.
ප්‍රසම්පාදන ඉල්ලීම් ලැබී දින 07 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිඛිතව දැනුම් දිය යුතුය.
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08
F/4
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ප්‍රසම්පාදන කටයුතුවලට අදාල තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීම.
ඉල්ලීම්කර දින 03 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
පළාත් මූල්‍ය රීති 423.2
F/5
රු.200,000.00 ඉක්මවන වාහන අළුත්වැඩියාවන් අනුමත කිරීම.
ඉල්ලීම් කර දින 04 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්

යන්ත්‍රික ඉංජිනේරුවරයාගේ නිර්දේශය සහිත වාර්තාව

අළුත්වැඩියාවට අදාල අයදුම්පත

ප්‍රසම්පාදන තීරණ පිටපත

පලාත් භාණ්ඩාගාර චක්‍ර ලේඛ අංක 2015/06 හි වගු අංක 03
මධ්‍යස්ථානය :- ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
AP/1
පුනරාවර්තන හා මූලධන අක්මුදල් නිදහස් කිරීම සඳහා දෙපාර්තමේන්තු / අමාත්‍යංශවලට චෙක්පත් නිකුත් කිරීම.
පුනරාවර්ත / මූලධන වවුචර්පත් ලැබී දිනක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
පරීක්ෂා කිරීම් කර, ගෙවීම් අනුමත කර ඇති වියදම් සහතික කර ඇති සම්පූර්ණ කරන ලද වවුචර්පත්
AP/2
පුනරාවර්තන අත්තිකාරම් බී ගිණුම, පොදු තැන්පත් ගිණුම් සඳහා අක්මුදල් නිදහස් කිරීම.
  • පුනරාවර්තන අක්මුදල් සෑම මසකම වැඩ කරන පළමු දින 02 තුළ (අනියම් වැටුප්/ වෙනත් පුනරාවර්තන වියදම්)
  • වැටුප් ගෙවීමට නියමිත දිනට පෙර දිනය
  • අනෙකුත් විශේෂ අවස්ථාවල ඉල්ලුම් කරන දිනට හෝ පසු දිනය (අත්තිකාරම් / පොදු තැන්පත්)
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
මාසික පුනරාවර්තන අග්‍රීම ඉල්ලුම් වාර්තාව සහ අවශ්‍ය අවස්ථාවල වෙනත් සනාථ කිරීම් ලිපි
AP/3

නව බැංකු ගිණුම් ආරම්භ කිරීම
නිල බැංකු ගිණුම් වසා දැමීම

ඉල්ලීම් ලැබී දින 03 ක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නි.ප්‍ර.ලේ. (මුදල්) ගේ නිර්දේශය මත ප්‍රධාන ලේකම්
  • NCP/PT/BA – 1 ආකෘතිය මඟින් ලිඛිත ඉල්ලීමක් මඟින්
  • NCP/PT/BA – 02 ආකෘතිය හා ලිඛිතව
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/07
AP/4
අත්තිකාරම් බී ගිණුමට අදාල ණය හේෂ නිරවුල් කිරීමේ ගැටළු සඳහා අව්‍යශ උපදෙස් හා විධිවිධාන සැළසීම.
ඉල්ලීම් ලැබී දින 02 ක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
ගැටළුවට අදාල සියළු ලිපිලේඛණ
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ
AP/5

මූලධන අග්‍රීම නිකුත් කිරීම..

  • පළාත් සභා සංවර්ධන ප්‍රදාන
  • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
  • ලෝක බැංකු ආධාර
  • රේඛිය අමාත්‍යංශ හරහා ලැබෙන අග්‍රීම.
  • පළාත් සභා සංවර්ධන ප්‍රදාන, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන අග්‍රීම ප්‍රමාණවත් නම් ඉල්ලීම් ලිපිය ලද දින සිට එක් දිනක් තුළ අග්‍රීම නිදහස් කිරිම කළ හැකිය.
  • රේඛීය අමාත්‍යංශ ලැබිම් සඳහා පරිපූරක ප්‍රතිපාදන සළසා දිය යුතු බැවින් වැය විෂයක් ඇති කිරිමට ගත වන කාලය මත අග්‍රීම නිදහස් කිරිම තීරණය වේ.
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්
අතැති බිල්පත් විස්තරය.
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2019/05
AP/6
  • මාසික භාණ්ඩාගාර මුද්‍රිත නිකුත් කිරීම.
  • ගිණුම් ආරම්භ කිරිමේ චක්‍රලේඛය නිකුත් කිරීම.
  • ගිණුම් පියවීමේ චක්‍රලේඛය නිකුත් කිරිම.
  • මාසික ගිණුම් ආශ්‍රිත ගැටළු විසඳීම
සියළු ගිණුම් සාරාංශ ලැබී දින 10 කින් පෙර වර්ෂයේ අවසානයේ වර්ෂ අවසානයේ එක් එක් ගැටළුවේ ස්වාභාවය පරිදි

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්

ප්‍රධාන ලේකම්

නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්

  • නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. (විශේෂ ඉල්ලිමක් අවශ්‍ය නොවේ.)
  • නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. (විශේෂ ඉල්ලිමක් අවශ්‍ය නොවේ.)
  • ලිපියක් සහ ගිණුම් සාරාංශ මෘදු පිටපත්
  • ගිණුම් ආරම්භ කිරීම් හා ගිණුම් ගත කිරීමේ භාණ්ඩාගාර චක්‍රලේඛය
  • මුදල් රෙගුලාසි
  • ගිණුම් ආරම්භ කිරීම් හා ගිණුම් ගත කිරීමේ භාණ්ඩාගාර චක්‍රලේඛය

නව පළාත් සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය
3 වෙනි මහල B, හරිශ්චන්ද්‍ර මාවත,
අනුරාධපුර, ශ්‍රී ලංකාව

නවතම යාවත්කාලීනයන් දැන් ඔබේ ඇඟිලි තුඩේ දුරින්
ඉක්මන් සබැඳි

කතුහිමිකම් © 2008-2023 පළාත් භාණ්ඩාගාරය - උතුරු මැද පළාත. සියලුම හිමිකම් ඇවිරිණි.

සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)

si_LKSinhala