පුරවැසි ප්‍රඥප්තිය

දැක්ම

ප්‍රශස්ථ මුල්‍ය කළමනාකරණයක්, සංවර්ධිත පළාතක්.

මෙහෙවර

සංවර්ධිත පළාතක් බිහිකිරීම සඳහා පළාතේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මුල්‍ය කටයුතු පිළිබඳ උපදේශනය, පළාතේ ගිණුම් පවත්වාගෙන යාම සහ ප්‍රසිද්ධ කිරීම, මුල්‍ය කළමනාකරණ තොරතුරු සැපයීම හා සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුක්තව ගිණුම් ක්‍රම සංවර්ධනය කිරීම.

ඉලක්කයන්

  • උතුරු මැද පළාත තුල මනා අයවැය පාලනයක් ඇති කිරිම.
  • උතුරු මැද පළාත තුළ මනා වගවිමේ හා පාරදෘශ්‍යභාවයකින් යුතු අවසන් වශයෙන් සේවාලාභීන් තෘප්තිමත් වන මූල්‍ය පාලනයක් ඇති කිරිම.
  • අපේක්ෂිත ආදායම් නිසි පරිදි ලඟා කර ගැනීම.
  • පළාතේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික ගිණුම් සියල්ල නියමිත දිනට පෙර ඉදිරිපත් කිරීම, ගිණුම්වල නොසැඳීම්, ගිණුම් දෝෂ 10% දක්වා අවම කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • පළාත් ආදායම් අයවැය ප්‍රතිපත්ති සහ ගිණුම් ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධනය
  • පළාත් අරමුදල, අවිනිශ්චිත අවස්ථා අරමුදල සහ වෙනත් අරමුදල් පවත්වාගෙන යාම හා සංවර්ධනය
  • පළාතේ ආදායම් රැස් කිරීමේ කටයුතු නියාමනය සහ සංවර්ධනය
  • පළාතේ ආදායම් රැස් කිරීමේ කටයුතු නියාමනය සහ සංවර්ධනය
  • ගිණුම් ක්‍රම සංවර්ධනය, ප්‍රසම්පාදන කටයුතු නියාමනය සහ සංවර්ධනය
  • ආයතනික ධාරිතා සංවර්ධනය
  • යහ පාලනය

අරමුණු

  • පළාත තුළ සියළුම ආයතනයන්හී ක්‍රමවත් අයවැය පාලනයක් සඳහා සහය වීම.
  • මනා මූල්‍ය පාලනයක් තුලින් මුදල් ප්‍රකාශය මඟින් වෙන් කරනු ලබන මුදල් උතුරු මැද පළාතේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා යෙදවෙන බවට වගබලා ගැනීම.
  • පළාත් ලැබිය යුතු ආදායම් මනා පාලනයක් තබා ගනිමින් සභාවට ලැබිය යුතු සියළු ආදායම් නිසි ලෙස එක් රැස් කර ගැනීම.
  • උතුරු මැද පළාත් සභාව සඳහා තීරණ ගැනීමට අවශ්‍ය පාර්ශවයන් වෙත නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබා දිම.
  • පළාත් භාණ්ඩාගාරයේ මූල්‍ය හා ආයතනික කටයුතු මනා කළමනාකාරීත්වයකින් යුක්තව පවත්වාගෙන යාම.
  • පළාත් සභාවේ සියළුම අරමුදල්වලට අදාල ගිණුම් නියමිත දිනට සත්‍ය හා සාධාරණත්වය නිරූපණය වන ලෙස විගනණය වෙත ඉදිරිපත් කරවීම.

අපගේ කැපවීම

උතුරු මැද පළාතේ, පළාත් භාණ්ඩාගාරයේ සේවාලාභීන් වෙනුවෙන් අප ඉටු කරනු ලබන සේවාවන්,

  • අවංකව ද
  • නීත්‍යානූකූලව ද
  • අචාරශීලීව ද
  • අවබෝධයෙන්ද
  • අපක්ෂපාතීව ද
  • විනිවිදභාවයෙන් යුක්තව ද
  • වගකීමෙන් ද
  • වගවීමෙන් ද
  • අප්‍රමාදව ද
  • කාර්‍යක්ෂමව ද
  • ඵලදායීව ද

ඉටු කිරීමට සූදානම්ව සිටින බව මෙම ප්‍රඥප්තිය මඟින් ප්‍රකාශ කරමු.

අපගේ අපේක්ෂාව

සේවාලාභීන් ලෙස ඔබ ඔබගේ වගකීම් හා අයිතිවාසිකම් මැනවින් අවබෝධ කරගනු ඇතැයි ද සේවා ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ඉල්ලීම් නීත්‍යානූකූලව ද , අප්‍රමාදව ද, අවබොධවද අවශ්‍ය තොරතුරු සහිතව ද කරුණු ඇතැයි අපේක්ෂා කරමු.

පැමිණිලි හා ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ අපගේ විධිවිධාන

අපගේ කාර්යමණ්ඩලය අචාරශීලීව සහ සහයෝගශීලීව ඔබට අවශ්‍ය සේවය සැපයීමට බැඳී සිටියි. කෙසේ වෙතත් මේ පිළිබඳ ඔබට පැමිණිල්ලක් කිරීමට හෝ ගැටළුවක් නිරාකරණය කිරීමට තිබේ නම් ඒ පිළිබඳව පහත නිලධාරියා වෙත දැනුම් දීමට ද කාරුණික වන්න. අපගේ සේවය පිළිබඳව ඔබ වෙත ඉහළ අගය කිරීමක් පවතී නම්, එය අනෙකුත් අය වෙත ද සන්නිවේදනය කිරීම අප වෙත කරන දිරි ගැන්වීමක් ලෙස සළකමු.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්),
පළාත් භාණ්ඩාගාරය,
උතුරු මැද පළාත.

දුරකථනය :- 025 – 2237430
ෆැක්ස් :- 025 – 2237430
Email :- treasuryncp@gmail.com

03. පාර්ශවකරුවන් සහ සේවාලාභීන්

පාර්ශවකරුවන්

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
  • පළාත් සභාව
  • මුදල් කොමිෂන් සභාව
  • පළාතේ බදු ගෙවන්නන්
  • මධ්‍යම රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු
  • අරමුදල් සපයනු ලබන විදේශීය මූල්‍යායතන (ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන)

සේවාලාභීන්

සෘජු සේවාලාභීන්

  • පළාත් සභාවේ සියළුම අමාත්‍යංශ හා ලේකම් කාර්යාල
  • පළාත් සභාවේ සියළුම දෙපාර්තමේන්තු සහ උපකාර්යාල / කළාප කාර්යාල


වක්‍ර සේවාලාභීන්

  • කොන්ත්‍රාත්කරුවන්
  • සැපයුම්කරුවන්
  • පළාතේ ජනතාව

 

04. වගකීම් මධ්‍යස්ථාන

  1. අයවැය දෙපාර්තමේන්තුව
  2. 2. මුදල් දෙපාර්තමේන්තුව
  3. 3. ආදායම් දෙපාර්තමේන්තුව
  4. 4. ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව

05. සේවා ප්‍රමිතීන්

වගකීම් මධ්‍යස්ථානය :- අයවැය දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
B/1
ප්‍රතිපාදන මාරු කිරීම
ඉල්ලීම් ලැබී දින 02 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ප.මූ.රීති 29,30 හි ඇතුළත් අකෘතිපත්‍ර අංක 20
පළාත් මූල්‍ය රීති 31
B/2
පරිපූරක ප්‍රතිපාදන ලබා දීම
ඉල්ලීම්කර දින 14 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 35
B/3
නව වැය විෂය අංක ඇති කිරීම
ඉල්ලීම්කර දින 01 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 31
B/4
අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන
ඉල්ලීම්කර දින 14 ක් ඇතුළත
අධ්‍යක්ෂ (අයවැය)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිපියකින් ඉල්ලා සිටිය යුතුය.
පළාත් මූල්‍ය රීති 369.5
වගකීම් මධ්‍යස්ථානය :- මුදල් දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
F/1
අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කටයුතුවලට අදාල ඉල්ලීම් ඉටු කර දීම.
ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ ඉල්ලීම් කර දින 45 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08 හි ඡේද අංක 03 හි දක්වා ඇති ලේඛණ ඉදිරිපත් කළ යුතය.
  • පළාත් මූල්‍ය රීති අංක 448 සිට 435
  • පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ 08/2013,06/2015, (i) 06/2015 සහ (ii) 06/2015
F/2
ප්‍රසම්පාදන මණ්ඩල පත් කිරීම්.
ඉල්ලීම් කර දින 05 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08 හි ඡේද අංක 7 හි දක්වා ඇති අයදුම් පත්‍රය
පළාත් මූල්‍ය රීති අංක 423 සහ පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08
F/3
අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව සම්බන්ධීකරණය.
ප්‍රසම්පාදන ඉල්ලීම් ලැබී දින 07 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිඛිතව දැනුම් දිය යුතුය.
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/08
F/4
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ප්‍රසම්පාදන කටයුතුවලට අදාල තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීම.
ඉල්ලීම්කර දින 03 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්
ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
පළාත් මූල්‍ය රීති 423.2
F/5
රු.200,000.00 ඉක්මවන වාහන අළුත්වැඩියාවන් අනුමත කිරීම.
ඉල්ලීම් කර දින 04 ක් ඇතුළත
අධ්‍යක්ෂ (මුදල් හා ආදායම්)
නි.ප්‍ර.ලේ. (මුදල්)/ ප්‍රධාන ලේකම්

යන්ත්‍රික ඉංජිනේරුවරයාගේ නිර්දේශය සහිත වාර්තාව

අළුත්වැඩියාවට අදාල අයදුම්පත

ප්‍රසම්පාදන තීරණ පිටපත

පලාත් භාණ්ඩාගාර චක්‍ර ලේඛ අංක 2015/06 හි වගු අංක 03
මධ්‍යස්ථානය :- ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව
සේවා අංකය සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට ගත වන කාලය වගකිව යුතු නිලධාරී තීරණය ලබා දීමේ නිලධාරී ඉල්ලීම් සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ ඉල්ලීම් ඉටු කරදීමට අදාල චක්‍රලේඛ හා නෛතික විධිවිධාන
AP/1
පුනරාවර්තන හා මූලධන අක්මුදල් නිදහස් කිරීම සඳහා දෙපාර්තමේන්තු / අමාත්‍යංශවලට චෙක්පත් නිකුත් කිරීම.
පුනරාවර්ත / මූලධන වවුචර්පත් ලැබී දිනක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
පරීක්ෂා කිරීම් කර, ගෙවීම් අනුමත කර ඇති වියදම් සහතික කර ඇති සම්පූර්ණ කරන ලද වවුචර්පත්
AP/2
පුනරාවර්තන අත්තිකාරම් බී ගිණුම, පොදු තැන්පත් ගිණුම් සඳහා අක්මුදල් නිදහස් කිරීම.
  • පුනරාවර්තන අක්මුදල් සෑම මසකම වැඩ කරන පළමු දින 02 තුළ (අනියම් වැටුප්/ වෙනත් පුනරාවර්තන වියදම්)
  • වැටුප් ගෙවීමට නියමිත දිනට පෙර දිනය
  • අනෙකුත් විශේෂ අවස්ථාවල ඉල්ලුම් කරන දිනට හෝ පසු දිනය (අත්තිකාරම් / පොදු තැන්පත්)
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
මාසික පුනරාවර්තන අග්‍රීම ඉල්ලුම් වාර්තාව සහ අවශ්‍ය අවස්ථාවල වෙනත් සනාථ කිරීම් ලිපි
AP/3

නව බැංකු ගිණුම් ආරම්භ කිරීම
නිල බැංකු ගිණුම් වසා දැමීම

ඉල්ලීම් ලැබී දින 03 ක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නි.ප්‍ර.ලේ. (මුදල්) ගේ නිර්දේශය මත ප්‍රධාන ලේකම්
  • NCP/PT/BA – 1 ආකෘතිය මඟින් ලිඛිත ඉල්ලීමක් මඟින්
  • NCP/PT/BA – 02 ආකෘතිය හා ලිඛිතව
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2013/07
AP/4
අත්තිකාරම් බී ගිණුමට අදාල ණය හේෂ නිරවුල් කිරීමේ ගැටළු සඳහා අව්‍යශ උපදෙස් හා විධිවිධාන සැළසීම.
ඉල්ලීම් ලැබී දින 02 ක් ඇතුළත
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
ගැටළුවට අදාල සියළු ලිපිලේඛණ
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ
AP/5

මූලධන අග්‍රීම නිකුත් කිරීම..

  • පළාත් සභා සංවර්ධන ප්‍රදාන
  • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
  • ලෝක බැංකු ආධාර
  • රේඛිය අමාත්‍යංශ හරහා ලැබෙන අග්‍රීම.
  • පළාත් සභා සංවර්ධන ප්‍රදාන, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන අග්‍රීම ප්‍රමාණවත් නම් ඉල්ලීම් ලිපිය ලද දින සිට එක් දිනක් තුළ අග්‍රීම නිදහස් කිරිම කළ හැකිය.
  • රේඛීය අමාත්‍යංශ ලැබිම් සඳහා පරිපූරක ප්‍රතිපාදන සළසා දිය යුතු බැවින් වැය විෂයක් ඇති කිරිමට ගත වන කාලය මත අග්‍රීම නිදහස් කිරිම තීරණය වේ.
අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්
අතැති බිල්පත් විස්තරය.
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 2019/05
AP/6
  • මාසික භාණ්ඩාගාර මුද්‍රිත නිකුත් කිරීම.
  • ගිණුම් ආරම්භ කිරිමේ චක්‍රලේඛය නිකුත් කිරීම.
  • ගිණුම් පියවීමේ චක්‍රලේඛය නිකුත් කිරිම.
  • මාසික ගිණුම් ආශ්‍රිත ගැටළු විසඳීම
සියළු ගිණුම් සාරාංශ ලැබී දින 10 කින් පෙර වර්ෂයේ අවසානයේ වර්ෂ අවසානයේ එක් එක් ගැටළුවේ ස්වාභාවය පරිදි

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

අධ්‍යක්ෂ (ගිණුම් හා ගෙවීම්)

නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්

ප්‍රධාන ලේකම්

නි.ප්‍ර.ලේ. (මුදල්), / ප්‍රධාන ලේකම්

  • නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. (විශේෂ ඉල්ලිමක් අවශ්‍ය නොවේ.)
  • නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. (විශේෂ ඉල්ලිමක් අවශ්‍ය නොවේ.)
  • ලිපියක් සහ ගිණුම් සාරාංශ මෘදු පිටපත්
  • ගිණුම් ආරම්භ කිරීම් හා ගිණුම් ගත කිරීමේ භාණ්ඩාගාර චක්‍රලේඛය
  • මුදල් රෙගුලාසි
  • ගිණුම් ආරම්භ කිරීම් හා ගිණුම් ගත කිරීමේ භාණ්ඩාගාර චක්‍රලේඛය
si_LKSinhala